iranama
නොවැම්බරයේ ලග්න පලාපල
බුද්ධියට අධිපති ග්‍රහයා වන ඥානකාරක බුධ ග්‍රහයා පසුගිය 2015 අගෝස්තු මස 23 වැනි ඉරු දින පෙ.ව. 8.36ට තම උච්ච භවනය වූ කන්‍යා රාශියේ උච්චව එතැන් පටන් දෙමසකට අධික කාලයක් එහි ගත කොට සිය උච්ච රාශිය වූ කන්‍යා රාශියෙන් සමුගෙන අද දින (2015 ඔක්තෝබර් මස 29 වැනි ගුරු දින රාත්‍රි 10.43ට) සිය මිත්‍ර රාශියක් වන සිකුරු හිමි තුලා රාශියට පැමිණෙන අතර, මෙතැන් සිට රවි සමඟ යෝග වනු ඇත.
inShare
Mawbima, 2015-10-29 02:00:00
Read 1288 Times
බුද්ධියට අධිපති ග්‍රහයා වන ඥානකාරක බුධ ග්‍රහයා පසුගිය 2015 අගෝස්තු මස 23 වැනි ඉරු දින පෙ.ව. 8.36ට තම උච්ච භවනය වූ කන්‍යා රාශියේ උච්චව එතැන් පටන් දෙමසකට අධික කාලයක් එහි ගත කොට සිය උච්ච රාශිය වූ කන්‍යා රාශියෙන් සමුගෙන අද දින (2015 ඔක්තෝබර් මස 29 වැනි ගුරු දින රාත්‍රි 10.43ට) සිය මිත්‍ර රාශියක් වන සිකුරු හිමි තුලා රාශියට පැමිණෙන අතර, මෙතැන් සිට රවි සමඟ යෝග වනු ඇත.
එසේම මෙතෙක් රවි හිමි සිංහ රාශියේ සිය ගෝචර ග්‍රහ ගමනේ නිරත වූ සුකුමාල ස්ත්‍රී භවනය වන සිකුරු නොහොත් ශුක්‍ර ග්‍රහයා හා සටන්කාමී ග්‍රහ ලොව චණ්ඩියා වන ලෙයට අධිපති පුරුෂ ග්‍රහ ලොව වන කුජ හෙවත් අඟහරු යන ග්‍රහයන් දෙපළම පිළිවෙළින් එළැඹෙන 2015 නොවැම්බර් 03 වැනි අඟහරුවාදා දින පෙ.ව. 7.32ට සිකුරු ග්‍රහයාත්, එදිනම උදේ 8.10ට කුජ ග්‍රහයාත් රවි හිමි සිංහ රාශියෙන් මිදී බුධ හිමි කන්‍යා රාශියට පැමිණෙන අතර ඒ අනුව මෙතෙක් සුබවාදී ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් බුධ ග්‍රහයාගෙන් පෝෂණය වූ බුධ හිමි කන්‍යාව නීච සිකුරුගෙන් හා සතුරු කුජගෙන් නොවැම්බර් 03 වැනිදා සිට පීඩාවට පත්වනු ඇත.
බුධ හිමි කන්‍යාව සිකුරුට නීච රාශියක් වන අතර කුජට සතුරු රාශියක් වනු ඇත. සිකුරු නීචවත් කුජ සතුරුවත් බුධ හිමි කන්‍යාවේ යෝග වන අතර මෙම කුජ - සිකුරු යෝගය 2015 නොවැම්බර් 30 පෙ.ව. 7.46 දක්වා පවතී. එහි උච්චතම අවස්ථාව එළැඹෙන්නේ නොවැම්බර් 28 වැනි දින වන විටය. පසුගිය ඔක්තෝබර් 26 වැනි සඳුදා දින අලුයම 1.34ටත් එළැඹෙන නොවැම්බරයේ 03 වැනි අඟහරුවාදා දින පෙ.ව. 06.41ටත් ග්‍රහ ලොව මනමාල සිකුරු හා ග්‍රහ ලොව තාපසයාත් පණ්ඩිතයාත් වන ගුරු හෙවත් බ්‍රහස්පති හා ග්‍රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු අතර ග්‍රහ යුද්ධයක් සිදුවූ අතර එම ග්‍රහ යුද්ධයෙන්ද මනමාල සුකුමාල සිකුරා පරාජයට පත්විය.
ඒ අනුව සිකුරුගේ එම ද්විත්ව පරාජයත්, සිකුරු හා රවි පරිවර්තන යෝගයත්, කුජගේ ජයත්, මෙම මාසයේ අසුබ ග්‍රහ තත්ත්වයට බලපානු ඇත. එසේම මෙම අසුබ කුජ - සිකුරු යෝගය කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ 8 වැන්නේ සිදුවෙයි. 8 වැන්න කරදර පීඩා මාරක පිළිබඳ නිවේදිත ස්ථානයකි. දැනට කුම්භ ලග්න ලංකා කේන්දරයේ ශනි හෙවත් සෙනසුරුගේ සතුරු වූ වෘශ්චික රාශි ගමනත් ප්‍රධාන ග්‍රහයන් සිවුදෙනකු නීච හා සතුරු (රවි, සිකුරු, කුජ, සෙනසුරු) රාශි ගතවීමත් ග්‍රහ ලොව සුබවාදී ගුරු අසුබවාදී සෙනසුරුගේ ප්‍රබල දෘෂ්ටියක් වන 10 වැනි අපල හා පීඩාකාරී දෘෂ්ටියට ලක්වීමත්, ඉහත ග්‍රහයන්ගේ පිහිටි නැකැත් බලයත් හේතුවෙන් විශේෂයෙන් මෙම කාල සීමාව තුළ කුඩා දරුවන් හා පාසල් යන වයසේ දරුවන්ට, කාන්තාවන්ට හා ප්‍රසිද්ධ කාන්තාවන්ට, තරුණියන්ට, කලාකරුවන්ට හා කලාකාරිනියන්ට, මනාල මනාලියන්ට, විසිතුරු භාණ්ඩ හා රෙදිපිළි භාණ්ඩ අලෙවියට හා එම කර්මාන්තවලට, චිත්‍රපට මෙන්ම කලාව ආශ්රිත කටයුතුවලට ඉතාමත් බාධාකාරී හා පීඩාකාරී කාල සීමාවක් වනු ඇත. බාල, මහලු, තරුණ යන සියලු පිරිස් අතර කාමුක අදහස් ඉස්මතු වන කාලයකි. කාම අපරාධ හා අපරාධ රැල්ලේ කැපී පෙනෙන වර්ධනයක් වනු ඇත.
මීට අමතරව පසුගිය ඔක්තෝබර් 17 වැනිදා සිට රවි ග්‍රහයාත් නීචව තුලාවේ ගමන් කරයි. ඒ අනුව රවි හා බුධ තුලාවේ යෝගවන අතර රවි - බුධ යෝගයත්, කුජ - සිකුරු යෝගයත් හේතුකොට ගෙන විශේෂයෙන් කුජ - සිකුරු යෝගය නිසා ඉදිරි නොවැම්බර් 30 දක්වා කාලයේදී අප රට ආශි‍්‍රතව විශේෂයෙන්ම ඉහත දක්වන ලද ආකාරයට කාම අපරාධ ඉතාමත් ඉහළ යන කාලයක් වනු ඇත. එම නිසා මෙම කාලයේ දරුවන් ගැන මවුපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. කුඩා දරුවන් ඉතාමත් පරෙස්සම් කරගත යුතු කාලයකි.
විශේෂයෙන් තරුණ තරුණියන් තම තමන්ගේ චරිතය මෙම කාල සීමාව තුළ ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. මෙම ග්‍රහ මාරුව හේතු කොට ගෙන මහජනතාව අතර නොසන්සුන්තා, උද්ඝෝෂණ, පෙළපාළි ඇතිවන කාලයකි. නව නිෂ්පාදන කටයුතු එතරම් වර්ධනය නොවනු ඇත. කාලගුණ විපර්යාස, රිය අනතුරු ද ඇතිවන කාලයකි. බුධ සිය උච්ච කන්‍යාවෙන් මිදීමත් කන්‍යා කුජ සිකුරුගෙන් පීඩාවීමත් හේතුවෙන් අධ්‍යාපනයේ හා විශ්වවිද්‍යාල මෙන්ම පාසල් ආශ්‍රිතවද කැපීපෙනෙන ගැටලු ඇති විය හැකිය. විපත් බහුල අසුබ කාලයක් උදාව ඇති නිසා ඔබ අප පරෙස්සම් විය යුතු කාලය එළැඹ ඇත. ලග්න වශයෙන් ගත් කළ මකර, කන්‍යා, මිථුන, කටක, ධනු, මීන යන ලග්නවලට මෙම කාල සීමාව තුළ යම් පමණක සුබ පලත් අන් ලග්න 6 වන මේෂ, වෘෂභ, සිංහ, තුලා, වෘශ්චික, කුම්භ යන ලග්නවලට අසුබ ඵපත් උදාවනු ඇත.
මේෂ ලග්නය
වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේදී බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී.
වෘෂභ ලග්නය
නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතුවීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශි‍්‍රත රෝග, වාත රෝග, හිරිවාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙයි.
මිථුන ලග්නය
සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථාව උදාවෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබපල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරුවීම් හෝ උසස් වීම් සඳහා සුබ පල උදාකරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදාවනු ඇත. සමස්තයක් වශයෙන් බැලූකල සුබ පල ඇති කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
කටක ලග්නය
මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබපල උදාකරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තු අවසන් මොහොතේ බිඳී යෑමට හැකිය.
සිංහ ලග්නය
වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මවු පාර්ශ්වයේ නෑදෑ කෙනකුට අපල තත්ත්වයක් ඇතිවිය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්ථාව උදාවනු ඇත. රැකී රක්ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමුකරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී.
කන්‍යා ලග්නය
මෙම කාලය ඔබට මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර අසනීපයට හේතුවන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇතිවන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ පී‍්‍රති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව වනු ඇත.
තුලා ලග්නය
හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි වෙයි. ශරීරයේ ඇති ලස්සන අඩුවන අතර ශරීර ශක්තිය හීනවීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අග හිඟකම් ඇතිවීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ අසාදන ඇතිවීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.
වෘශ්චික ලග්නය
බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැළීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇතිවීමට හැකිය. මෙම කාලයේ නඩුහබවලට යෑමෙන් ඒවායින් ජයගත නොහැකි වන අතර එය තමාට ඉතාම අවාසිසහගත වනු ඇත. රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය.
ධනු ලග්නය
ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැඳෙන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රමාදයක් ඇතිවන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇතිවීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇතිවිය හැකිය. වැටීම්, තැළීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න.
මකර ලග්නය
ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේකාලය මිශ්රපල දායකයි. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවෙයි. දරුපල අපේක්ෂිත අයට දරු පල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවෙයි. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.
කුම්භ ලග්නය
ඔබට මෙම කාලය මිශ්රපල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙයි. ව්‍යාපාර අංශවලට සුබදායකවෙයි. රැකියාවේ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතුවෙයි. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේෙදාර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වෙයි. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මඟින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්රපල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙයි.
මීන ලග්නය
ඔබට මධ්‍යම සුබ පල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා වෙයි. නමුත් බාධා ඇතිවෙයි. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝවිට උදාවෙයි. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමඟ මත භේදවලට හේතුවනු ඇත. පිරිමි දරු ලාභ ඇති වන අතර සියලු අංශවලින් සාමාන්‍ය වශයෙන් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතා හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස්වීමක්ද හිමිවීමට ඉඩ ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරිවන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය.
අපල දුරුකිරීමට වත්පිළිවෙත්
Wmqgd .ekSu u